Colombo Today Local News

ආබාදිත සේවකයයාට පහරදුන් දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා අත්අඩංගුවට. – ලිංගික අඩත්තේට්ටමට ලක්වූ බවටත් චෝදනා

දඹුල්ල නගරසභා සේවකයෙකුට පහරදි තුවල සිදුකල දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා පොලිසිය අත්වඩංගුවට ගැනිමට කටයුතු නොකල බව පවසමින් පහර කැ පුද්ගලයාගේ පවුලේ අය ඊයේ (6) දඹුල්ල නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි.

එයට ප්‍රථිවාර දක්වමින් පහර දීමට සම්බන්ද දඹුල්ල නගරාධිපතිගේ සහොදරයෙක් වන චන්න ඕපාත නැමැත්තා පොලිසිය මගින් අත්වඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇත..

මෙම පහර දිම පසුගිය සෙනසුරාදා(5) දින චන්න ඕපාත මහතාගේ නිවසේදි සිදුව ඇති අතර කතන අබාධිත නගර සේවකයා වන ප්‍රසාත් මහතා නගර සභාවේ දිනපතා සේවයට වාර්තා කලද නගරාධිපති සහොදරයාගේ නිවසේ වැඩට යොමු කරවාගන්නා බවත් දිවා රාත්‍රි නිවසේ වැඩ කලයුතු බවත් පහර කැ පුද්ගලයා ගේ මව පවසයි.

එසේ වැඩට ගිය ප්‍රසාද්ට රුපිල් 1000/= ලබාදෙන බව පවසා අස්වාභාවික සමලිංගික ක්‍රියාවන් සදහා යොදවා ගැනිමට චන්න ඕපාත මහතා උත්සහා කොට ඇති බවක් එයට අකමැති විම නිසා මෙම පහරදිම සිදුකල බවත් පවුලේ අය පවසති.

දඹුල්ල නගර සභාව බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු වන අතර, ආසන සංවිධායක ලෙස පලාත්පාලන අමාත්‍ය ජනක බංඩාර තෙන්නකොන් මහතා කටයුතු කරයි.

පහර කැ පුද්ගලයා පසුගිය සෙනසුරාදා (5) දින රොහල් ගත කරන ලද අතර මව දඹුල්ල පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත. මෙම සිද්ධියට අදාල පුද්ගලයා අත්වඩංගුවට ගැනිමට ප්‍රමාද කිරිම නිසාවෙන් දඹුල්ල පොලිසියට විරුද්ධව ඊයේ (6) දිනයේදි මෙම උද්ඝෝෂණය සිදුවිය.

උද්ඝෝෂණ ය සිදුවන අවස්ථාවේදි චන්න ඕපාක මහතා පොලිසිය මගින් අත්වඩංගුවට ගැනීමට පියවර ගැනීමත් සමගම උද්ඝෝෂණකරුවන් විසිර ගියේය.

මහින්ද උදයසිරි – දඹුල්ල

Related posts

ජපානයේ භූ කම්පනයක්

Admin

නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල් අපද්‍රව්‍ය තොගයක් ගොඩගසයි

colombotoday

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

ජනපතිට සුබ පතන දේව මෙහෙයට විරෝධයක්.. දවටගහ පල්ලියේ ගිනිකෙළි!

colombotoday

නරුමයන් තුනක් අතින් අපයෝජනයට ලක්වූ හම්බන්තොට දැරිය මිය යයි

colombotoday