Covid 19

හැටන් නගරයේ අසාදිතයන් රැගෙන යාමට පැමිණි ගිලන් රථ රියදුරා සහ ගම්වාසින් අතර නොසන්සුන්කාරි තත්ත්වයක්.

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් තිදෙනෙකු රැගෙන යාමට පැමිණි මඩුල්ල දිසා රෝහලේ ගිලන් රථ රියදුරෙකු සහ හිජිරාපුර ගම්වාසින් අතර (21) දින ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ගිලන් රථයට නංවාගත් අසාදිතයන් තිදෙනා ගිලන් රථයෙන් බස්සවා යැමට ගිලන් රථ රියදුරා කටයුතු කරනු ලැබුහ.

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මියගිය අසාදිතයන් දෙදෙනෙකු සහ මිය ගිය අසාදිතයෙකුගේ නිවසේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වු 38 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර (18) දින සිදු කරන පි.සි.ආර් පරික්ෂණ අනුව 11 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (21) දින තහවුරු වු බවයි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.

අසාදිතයන් 11 දෙනාගෙන් අසාදිතයන් 03 පමණක් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කටයුතු කල බවත්, අසාදිතයන් 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යන ලෙසයි හැටන් හිජිරාපුර ගම්වාසින් ගිලන් රථ රියදුරා හමුවේ කියා සිටියේ.

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ අසාදිතයන් 11 දෙනා අතර එකම පවුලේ අසාදිතයන් වැඩි පිරිසක් සිටින බවත්, ඇතැම් අසාදිතයන් හැටන් නගරයේ ව්‍යාපාරිකයන් බවයි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.

හැටන් හිජිරාපුර ගම්වාසින් සෞඛ්‍ය අංශ උසස් නිලධාරින්ට තම ගැටළුව සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් අනතුරුව අසාදිතයන් 11 දෙනාගෙන් අසාදිතයන් 06 දෙනෙකු එම ගිලන් රථයේම නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ගිලන් රථ රියදුරා කටයුතු කරනු ලැබුහ.

අනෙකුත් අසාදිතයන් වෙනත් ගිලන් රථයක් ගෙන්වා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමටත් අසාදිතයන් 11 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොවිඩ්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

එකම පවුලේ මව, පියා, පුතු කොරෝනා බිලි ගයි

colombotoday

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

colombotoday