Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලික පැවිදි භාවය ලබා තිබේ.

ඒ්, ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී ය.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ ඉසිපතනාරාමයේ මූල ගන්ධකුටි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායකහිමිවරුන්ගේ උපාධ්‍යායෙන් යුක්තව ආගමික වතාවත් අනුව අද (20) දින පෙරවරුවේ පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් පැවිදි භාවයට ඇතුළත්වී තිබේ.

කැනඩාවේ පදිංචි, වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් සඳකැළුම් රාජපක්ෂ මහතාද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මෙම අවස්ථාවේදීම තාවකාලික පැවිදි භාවයට ඇතුළත් වී ඇත.

ගුණතිලක රාජපක්ෂ මහතාගේ බිරිඳ ද මීට කෙටි කලකට පෙර අභාවප්‍රාප්ත වූ අතර පසුගියදා පැවැති මහනුවර සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ හදිසියේ රෝගාතුර වූ ඒ මහතා රෝහල්ගත කිරීමටද පියවර ගැනුණි.

දැඩි කාර්යබහුල ජීවීතයක් ගත කිරීම හේතුවෙන් පීඩාවට පත්වී ඇති මනස සන්සුන් කරගැනීම සඳහා තාවකාලිකව හෝ පැවිදි දිවියට ඇතුළත්වීමට තීරණය කළ බවද මනස සන්සුන් කරගැනීම සඳහා සුදුසුම ප්‍රතිකාරය භාවනා කිරීම බවද පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන හිමි එහිදී පෙන්වා දුන්හ.

Related posts

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday

“විමල්ගේ අදහස අනගියි.. සයිටම් ගැන එලෙස බලන්න මා සූදානම්“ – රාජිත

colombotoday

කොටි ඩයස්පෝරාව ස්විස්ටලන්තයේදී තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම්ව සමරයි.

colombotoday

VPN එකෙන් ONLINE ඇවිත් නාමල්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

colombotoday

වාහන බදු ඉහළට…

colombotoday

නයිජිරියානු ජාතිකයින් තිදෙනෙක් ගල්කිස්සේදී අත්අඩංගුවට

colombotoday