Colombo Today Local News

ගෝඨාභයට එරෙහිව ශ්‍රීලංකා රජය ඇමරිකාවේ චෝදනා ගොණුකරයි…!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යහපාලන රජය ඇමරිකාවේ චෝදනා ගොණුකිරීමට සූදානම් වන බව මංගල සමරවීර ඇමතිවරයාට හිතවත් වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.

රාජපක්ෂ මහතා විසින් පසුගිය පාලන සමයේදී සිදු කළ බවට චෝදනා කෙරෙන වංචා, දූෂණ පිළිබද සවිස්තර වාර්තාවක් ඇමරිකානු රජය වෙත යොමු කිරීමට රජ්‍ය තීරණය කර ඇති බවත්, ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මූල්‍ය විමර්ශණ ඒකකය සිදුකළ විමර්ශනවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ කොමිසම ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එම වාර්තාවට තොරතුරු ඇතුළත් කරන බව සදහන්ය.

ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකානු ආගමන හා ජාතිකත්වය පිළිබඳ පනත (US Immigration & Nationality Act -INA) යටතේ අන්තර්ගත වන ඇතැම් සුවිශේෂී විධිවිධාන යටතේ ශ්‍රී ලංකා රජය මෙම චෝදනා ගොනුකිරීමට සූදානම් වන බව එම වාර්තාවේ දැක්වෙයි.

Related posts

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin

“එකට කාල බීල හිටපු මුස්ලිම් මැති ඇමතිලා මෙහෙම කරයි කියල හිතුවෙ නෑ…” සිංහල මැති ඇමතිවරුන්ට මරණ බිය දැනෙයි…

colombotoday

විශ්වාසභංග විවාදය ඇරඹෙයි – සජීවි විකාශය මෙන්න

colombotoday

අකිල එල්ලාවලටත් කොවිඩ්

colombotoday

කොළඹ මාර්ග වැහෙන හැටි ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Admin

DIG නාලක සිල්වා අත්අඩංගුවට… 7 දක්වා රිමාන්ඩ්…

colombotoday