Colombo Today Local Newsfeatured

ඉස්ලාම් සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. | නියෝග උල්ලංඝනය කළහොත් අවුරුදු 20 දක්වා සිරදඬුවම්

පහත සඳහන් ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.

  1. එක්සත් තව්හිද් ජමාත් (යූටීජේ)
  2. සිලෝන් තව්හිද් ජමාත් (සීටීජේ)3.ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (එස්එල්ටීජේ)
  3. සමස්ත ලංකා තව්හිද් ජමාත් (ඒසීටීජේ)
  4. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (ජේඒඑස්එම්) නොහොත් ජමාඅත් අන්සාරිස් සුන්නතිල් මොහොමදියා සංගමය
    නොහොත් සමස්ත ලංකා ජමෙයිතු අන්සාරිස් සුන්නතිල් මොහොම්මදියා නොහොත් අන්සාරිස් සුන්නතිල් මොහොම්මදියා
    සංගමය නොහොත් ජමාඅත් අන්සාරිස් සුන්නතිල් මොහොම්මදියා.
  5. දාරුල් අදර් නොහොත් ජමිඋල් අදර් මොස්ක් නොහොත් දාරුල් අදර් කුරාන් මද්‍රාසා නොහොත් දාරුල් අදර් අත්තබවියා
    7.ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය නොහොත් ජමියා
  6. ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා (ISIS) නොහොත් අල් – දව්ලා අල් – ඉස්ලාමියා දව්ලා ඉස්ලාමියා
  7. අල්-කයිඩා
  8. සේව් ද පර්ල්ස් නොහොත් සේව් ද පර්ල් සමාජය
  9. සුපර් මුස්ලිම්

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී, කිසිම තැනැත්තකු විසින්, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම්
සංවිධානයක හෝ ඒ සංවිධානය නියෝජනය කරන හෝ ඒ සංවිධානය වෙනුවෙන් ක්‍රියාකරන නැතහොත් ඒ හා සම්බන්ධ හෝ ඒ
කෙරෙහි සැලකිල්ලක් දක්වන, වෙනත් යම් සංවිධානයක හෝ පහත නිශ්චිතව සඳහන් ක්‍රියාකාරකම් කිසිවක් හා සම්බන්ධ බවට හෝ ඒ
කෙරෙහි සැලකිල්ලක් දක්වන බවට සාධාරණ සැකයක් පවතින වෙනත් යම් සංවිධානයක

(අ) සාමාජිකයකු හොසමූහයක සාමාජිකයක වීම.
(ආ) නායකත්වය සැපයීම.
(ඇ) නිල ඇඳුම්, ඇඳුම්, සංකේත, ලාංඡන හෝ ධජ පැළඳීම, ප්‍රදර්ශනය කිරීම, එසැවීම හෝ සන්තකයේ තබා ගැනීම.
(ඈ) රැස්වීමක් කැඳවීම, රැස්කිරීම, පැවැත්වීම හෝ ඊට සහභාගීවීම.
(ඉ) සාමාජිකත්වය ලබා ගැනීම හෝ බැඳීම¦
(ඊ) සාමාජිකයකුට හොසමූහයක සාමාජිකයකුට හො එහි වෙනත් යම් ආශ්‍රිතයෙකුට රැකවරණය සැලසීම, ඔහ සඟවා තබා ගැනීම, ඔහුට ආධාර කිරීම.
(උ) එය ප්‍රවර්ධනය කිරීම, දිරි ගැන්වීම, සහාය දැක්වීම, උපදෙස් දීම, ආධාර කිරීම හො ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම.
(ඌ) එහි යම් ක්‍රියාකාරකමක් හෝ වැඩ සටහනක් සංවිධානය කිරීම හෝ ඊට සහභාගීවීම.
(එ) මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම හොමුදල් හෝ ද්‍රව්‍ය වලින් දායකවීම.
(ඒ) ඒ සඳහා හෝ එහි ද්‍රව්‍ය ප්‍රසම්පාදනය, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, සන්තකයේ තබා ගැනීම හෝ ඛෙදාහැරීම.
(ඔ) අරමුණු සඳහා සහාය දීම හෝ නියෝජනය කිරීම.
(ඕ) යම් ගනුදෙනුවක නිරත වීම හෝ
(ක) ඒ වෙනුවෙන් තොරතුරු පතුරුවා හැරීමට සැලැස්වීම,

ඊයේ සිට තහනම් වනු ඇති.

අදාල නියෝග උල්ලංඝනය කරන පුද්ගලයන්ට අවුරුදු 20 දක්වා සිරදඬුවම් පැනවීමට ප්‍රතිපාදන එම ගැසට් පත්‍රයේ දක්වා ඇත.

අදාළ ගැසට් පත්‍රය…

Related posts

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin

මංගල සාදයේදී තරුණයෙක් ඇද වැටී මරුට

colombotoday

IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

colombotoday

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday

අගමැති මහින්දගේ තීරණයට GMOA විරෝධය…

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් හොදායි කියන්න ඇමති මලික් හතර වටේ යයි… සේවා දිගුව ගන්න බරටම වැඩ

colombotoday