Colombo Today Local News

ගම්පහ වැවක් හදන්න රු.කෝටි 3300 ක්. | චීනෙන් ණයක් දීලා කොන්ත්‍රාත්තුවත් චීනෙම ගනියි.

ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ අතර ඒකාබද්ධ බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියක් සඳහා චීන ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දුන් රුපියල් මිලියන 33,060ක ණය මුදලක් එවකට පැවති රජය විසින් ලබාගෙන ඇත.

එහෙත් මෙම ජල ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේද චීන රජයට සම්බන්ධ චයිනා මැෂීනරි ඉංජිනියරින් කෝපරේෂන් නමැති සමාගම වන අතර මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය 2013 වසරේ මැයි 09 වැනිදා ලැබී තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා කොන්ත්‍රාත් ගිවිසුම 2013 මැයි 15 වෙනි දින අත්සන් කරනු ලැබූ අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස චීන රජය විසින් රුපියල් මිලියන 33,060 ක මුදලක් ලබා දී ඇත.

අදාල ණය මුදල ප්‍රදානය කිරීමේ එක් කොන්දේසියක් වී ඇත්තේ එම ජල ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවත් චීනයට සම්බන්ධ ආයතනයකට පැවරීමයි.

ඒ අනුව වැව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන රජයට අනුබද්ධ සමාගමක් වන චයිනා මැෂීනරි ඉංජිනියරින් කෝපරේෂන් සමාගමට ලබා දීමට රජය කටයුතු කර තිබේ.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මුල්වුනේ එවකට ආර්ථීක සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතායි.

අදාළ ව්‍යාපෘතියේ තක්සේරු වාර්ථා ගැනීම පිළිබදව ගැටළුවක් මතුවු අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් ලබා ගැනීමට තමා මැදිහත් වී කටයුතු කළ බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.

මෙම ව්‍යාපෘතියෙන් ගම්පහ, අත්තනගල්ල,මිනුවන්ගොඩ, මීරිගම, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාම
සේවා වසම් 443 ක් ආවරණයවෙන පරිදි නව ජල සබදතා 110,000 ලබා දෙමින් ලක්ෂ 6කට අධික ජනතාවකට මෙගින් සහන සැලසීමට රජය සැලසුම් කර ඇත.

මේ ව්‍යාපෘතිය 2022 වසරේදී අවසන් කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

පසුගිය දා ගම්පහ අත්තනගල්ල කරස්නාගොඩ, බස්නාගොඩ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මේ ජලාශය ඉදිකිරීමට සිය ඉඩම් මෙන්ම නිවාස 97ක් ඉවත් කිරීමට දායකත්වය ලබා දුන් ප්‍රදේශවාසීන්ට ස්තුතිය පළකරනු ලබන බවයි.

රටේ ආර්ථිකය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමග සීඝ්‍රයෙන් ගොඩනැගෙන අතර ඒ උනත් වරාය නගරය සම්බන්ධයෙන් දැන් නොයෙකුත් කතාබහක් ඇති වී තිබේ.

හම්බන්තොට වරාය චීනයට දෙනකොට මේ කිසි දෙයක් බැලුවෙ නැහැ.අක්කර 15000ක්ච චීනයට දෙන්න උත්සාහ කරපු වෙලාවේ මහා සංඝරත්නය ඉදිරිපත් වෙලා එය වළක්වා ගත් නමුත් මේවා අපි අපේ අනාගත පරපුර සඳහා කරන යුතුකම් බවයි චමල් රාජපක්ෂ අමාතවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

ඥානසාර හිමිගෙන් වන්දි ඉල්ලා බදුර්දීන් දැමූ නඩුව කල් යයි

colombotoday

අනුරට අති උතුම් උතුමාණෝ කියන්න එපා සහෝදරයා කියලා කියන්න

Admin

ආණ්ඩුවේ ඉන්නවද? යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ !

colombotoday

අයියාගේ පොල්ලු පහරින් මල්ලි එතනම මිය යයි

colombotoday

වෛද්‍යවරු සයිටම් අවසන් සටනට සැරසෙයි !

colombotoday

මලික් සමරවික‍්‍රමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්?

colombotoday