ගාල්ල මිලිදුව පිහිටි මුහයියාදීන් තයිකා පල්ලියට කඩාවැදුනු මුස්ලිම් මුලධර්මවාදී කණ්ඩායමක් විසින් පල්ලියේ පාලක සභාවට පහර දී ඇති බව වාර්තා වෙනවා.
පසුගිය ඉරිදා(16) දින පල්ලියේ වාර්ෂික දානයක් පවත්වා ඇති අතර එවැනි දාන ලබාදීම කුරානයට අනුව මුස්ලිම් භත්තිකයන් සිදු නොකළ යුතු බව පවසමින් අදාළ මුලධර්මවාදී කණ්ඩායම විසින් පල්ලියේ පාලක සභාවේ තිදෙනෙකුට පහර දුන් බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව ප්රදේශයේ පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කල බවත් එම අන්තවාදීන්ට එරෙහිව තවමත් නීතිය ක්රියාත්මක වී නොමැති බවත් එම පල්ලියේ ප්රකාශකයෙකු අප සමග සඳහන් කර සිටියා.