Colombo Today Local News

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

අඛණ්ඩව 07වන වරටත් ෆින්ලන්තය ලොව සතුටුම රට බවට පත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වන ලෝක සතුටු වාර්තාවට අනුව මෙලෙස ෆින්ලන්තය අඛණ්ඩව 2024 වසරේ ද ලොව සතුටුම රට බවට නම් කර ඇති බව සඳහන්ය.

ඩෙන්මාර්කය දෙවන ස්ථානයේත්, අයිස්ලන්තය තෙවන ස්ථානයේත් පසුවන අතර අඩු ජනගහණයක් සහිත කුඩා රටවල් රැසක් ලොව සතුටුදායක රටවල් අතර පෙරමුණට පැමිණ ඇති බව වාර්තා වේ.

වසර දහයකට පසු පළමු වරට අමෙරිකාව සහ ජර්මනිය ලොව සතුටුම රටවල් 20 අතර ඇතුළත් නොවන නමුත් කුවේට් සහ කොස්ටාරිකා යන රටවල් පළමු රටවල් 20 අතරට ඇතුළත් වන බව ලෝක සතුටු වාර්තාව පෙන්වාදෙයි.

රටවල් 143ක් යොදාගනිමින් සිදුකර ඇති සමීක්ෂණයට අනුව ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.

එක්සත් ජාතීන්ගේ ලෝක සතුටු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව සතුටුම රටවල් දර්ශකයේ 128 වන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩාව, ටියුනීසියාව යන රටවල් ද ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානවල පසුවීම විශේෂත්වයකි.

Related posts

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

Admin

ගිය වැඩේ හරි.. රු මිලියන 11110ක් දෙන්නං.. චීනය අගමැතිට කියයි.. ගිවිසුමකුත් අත්සන් කරන්න යයි

colombotoday

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin

ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය පරිදි කළ හැකියි – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති කියයි

Admin

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

colombotoday