ආබාධයකට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ අද (09) පැවැත්වෙන ශ්රී ලංකා බංග්ලාදේශ තුන්වන සහ අවසන් 20යි 20 තරගයට සහභාගී නොවන බව වාර්තා වෙයි.
දෙවන විස්සයි විස්ස තරගයේ සිය සිව්වන පන්දු වාරය ක්රියාත්මක කරමින් සිටියදී ඔහු පාදයේ ආබාධයකට ලක්වුන අතර ආබාධ තත්ත්වය සුව අතට පත් නොවීම හේතුවෙන් අද පැවැත්වෙන තෙවන තරගය සඳහා මතීෂ සහභාගී නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා විය.
ශ්රී ලංකා බංග්ලාදේශ තීරණාත්මක තෙවන විස්සයි විස්ස තරගය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතය.