Colombo Today Local NewsTop Stories

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි සැකකරුවන් දසදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(16) නියෝග කරන ලදී.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ විමර්ශන අවසන් කර අදාල වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර, නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටින ලදී.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ සැකකරුවන් මුදා හරින ලෙස නියෝග කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් භාරයේ තිබී පොලිසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, සැකකරුවන් වෙත අදාල භාණ්ඩ මුදා හරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

Related posts

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 173ක් අත්අඩංගුවේ

colombotoday

තේ-එළවළු වලට මිල අඩු අලුත් පොහොරක්

Admin

20 ගේන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 ඉවත් කරන්නයි.. අගමැති මහින්ද කියයි

colombotoday

අගමැති ශුද්ධ වචනෙන් පාර්ලිමේන්තුව අමතයි. රූපවාහිනී සජීවී විකාශයත් අත්හිටුවයි.

colombotoday

බදියුදීන්ගේ මස්සිනා ලිංගික හිංසනයට ලක්කල තවත් කාන්තාවක් සාක්ෂි දෙයි

colombotoday