Colombo Today Local News

හදිසි මෙහෙයුමක්

අද (18) පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි සිදුකර තිබේ.

මෙම සෝදිසි මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,112 ක් පොලිස් නිලධාරීන් 2,253 ක්, සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 219 ක් යොදවා ඇත.,

යුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් ගතවීම හේතුවෙන් ඊට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර තිබේ.

එහිදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

නිවාස සෝදිසිකිරීම්වලදී තියුණු ආයුධ රැසක්, මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත සැකකටයුතුදෑ පොලිස්භාරයට ගෙන ඇති අතර මෙලෙස සොයාගෙන ඇති දෑ පහත වේ.

කඩු 06
මන්නා 01
කිනිසි 01
තහනම් පිහි 02
හෙරොයින් ග්‍රෑම් 322
අයිස් ග්‍රෑම් 111
ගංජා ග්‍රෑම් 160
ඈෂ් ග්‍රෑම් 13
නීති විරෝධී මත්පැන් මිලිලීටර් 21,750
නීතිවිරෝධී දුම්වැටි 855

Related posts

බැසිල් යටතේ තිබූ විෂය පථයන් කිහිපයක් අගමැති යටතට

colombotoday

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday

“සංහිදියාව” එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් – චම්පික යලිත් ජාතිකවාදයට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday

කිරිපිටි මිල යළි ඉහළ යන ලකුණු

colombotoday

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday