පසුගියදා ගම්පහ කොටදෙණියාවේදී පැහැරගෙන ගොස් කෙළෙසා ඝාතනය කර තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පළමුව අත්අඩංගුවට ගත් දෙදෙනා අදාල සිදුවීමට සම්බන්ධ නැතැයි DNAS පරීක්ෂණයෙන් හෙළිව ඇති බව අද මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේදී හෙළිවිය.
මේ තත්වය මත 17 හැවිරිදි පාසැල් සිසුවා හා ආනක් සැකකරු රහස් පොලීසිය විසින් අදාල සැකකරුවන් දෙදෙනා මුදා හැරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.
17 හැවිරිදි සිසුවා වෙනුවෙන් මේ වන විට මානව හිමිකම් පැමිණිල්ලක්ද ඉදිරිපත් වී ඇත.