BusinessColombo Today Local News

අන්තර්ජාල වේගය දෙන්න බැරුව Dialog ෆේල්. නව සබදතා මිලදී ගැනීමෙන් වලකින්න. | මාසික බිලෙන් කොටසක් කපා හරින්නැයි ඉල්ලීම්.

දින 10ක Lock Down කාල සීමාව ආරම්භ වීමත් සමගම යලිත්, නියමිත වේගයෙන් අන්තර්ජාල සේවා පවත්වාගෙන යාමට නොහැකිව ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන ආයතන අතුරින් Dialog සමාගම ෆේල් වී ඇති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටිනවා.

එමෙන්ම නියමිත වේගයෙන් අන්තර්ජාල පහසුකම් ලබා දීමට නොහැකිනම් පාරිභෝගිකයාගේ මාසික බිලෙන් අවමය 50% ක් වත් කපා හැරීමට පියවර ගන්නා ලෙස ඒ මහතා Dialog සමාගමට දන්වා සිටියි.

Dialog සමාගමේ සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව ට සමානව එම සමාගමේ තාක්ෂණික අංශය වැඩි දියුණු කර නැති බව යලිත් වරක් ප්‍රත්‍යක්ෂ වී ඇති බවත් තම සමාගම සතු පාරිභෝගිකයන් සඳහා නියමිත වේගයෙන් අන්තර්ජාල පහසුකම් ලබා දීමට නොහැකිනම් තවදුරටත් නව සබදතා අලවි කිරීම නවත්වන ලෙසත් විතානගේ මහතා Dialog සමාගමට තවදුරටත් දන්වා සිටියි.

එමෙන්ම මෙම තත්වය මත නව සබදතා මිලදී ගැනීමේදී Dialog සබදතා ලබා ගැනීමෙන් වලකින ලෙස තම සංවිධානයේ සාමාජිකයින්ට දැන්වූ බවත් අනවශ්‍ය ඔලුවේ අමාරුවක් මුදල් දී ලබාගැනීමෙන් වලකින ලෙස තමන් පාරිභෝගිකයාට ද දන්වන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරානය කර සිටියි.

මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අද දිනයේ දී පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් ඒ මහතා පැවසීය.

Related posts

ජනාධිපති පා ගමනින් මුදල් අමාත්‍යංශය වෙත යයි

Admin

පැය 9කට පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසින් පිටව යයි

colombotoday

ඥානසාර හිමිගෙ කරුණු 80% ක් නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කරලා. | සුදත්ත හිමිගෙන් පාස්කු වාර්තාවට ප්‍රහාරයක්.

colombotoday

නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

colombotoday

ජනපතිට එරෙහි මඩ ව්‍යාපාරය අගමැති කාර්යයෙන් ! Facebook ආයතනය තහවුරු කරයි?

colombotoday

කැනඩා පනින්න ගිය උද්දිකට වෙච්ච වැඩේ

Admin