Colombo Today Local News

සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා ඩයගම වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂනයක.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය අවු 16 හැවිරිදි ඉෂාලිනිගේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණය හමුවේ උපරිම දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් ඩයගම ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසක් (27) දින උද්ඝෝෂණයක නිරත විය.

ඩයගම වතුයායෙන් ආරම්භ කල උද්ඝෝෂණය ඩයගම නගරය වෙත පාගමනින් පැමිණ මිය ගිය ඉෂාලිනි දැරිය මිහිදන් කල එම වතු යායේ සුසාන භුමිය දක්වා ගමන් කර උද්ඝෝෂනයේ නිරතව සිටි වතු කම්කරුවන් පිරිසක් ඉෂාලිනිගේ දේහය තැන්පත් කර ඇති සොහොන මත ඉටි පහන් දල්වා පින් අනුමෝදම් කරනු ලැබුහ.

උද්ඝෝෂණයේ නිරතව සිටින ඩයගම වතු යායේ වතු කම්කරුවන් කියා සිටින්නේ සිද්ධියට සම්බන්ධ තවත් අය වේ නම් එම අයද තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන එම අයටද අධිකරණය හමුවේ දඩුවම් ලබාදෙන ලෙසයි.

වතු ආශ්‍රිත ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද උද්ඝෝෂනයේ නිරතව සිටි ඩයගම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඉල්ලා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

පෙට්‍රල් නැව අද දිවයිනට

colombotoday

සීනි ටොන් 3500 ආපසු යවයි – ගොඩ බෑමට රජය අවසර නොදෙයි

colombotoday

හෙරෝයින් ග්‍රෑම් 505 යි මිලි ග්‍රෑම් 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු දීමනා ගෙවීම අත්හිටුවයි

Admin

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday

අපේ වැඩි උනන්දුව සජිත්ට සහය දක්වන්නයි – රවුෆ් හකීම් කියයි

colombotoday