Colombo Today Local News

දංකොටුවේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කරයි

ඊයේ (31) දංකොටුව කටුකෙන්ද ප්‍රදේශයේ නිවසක් තුළ දී කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කර තිබේ.

52 හැවිරිදි කටුකෙන්ද දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්ථා වන්නේ.

මෙම කාන්තාව ඇයගේ පුත්‍රයා සමඟ කටුකෙන්ද ප්‍රදේශයේ උළු කම්හලකට අයත් නිවසක පදිංචිව සිට ඇති බවත් වැඩි දුරටත් සදහන් වේ.

ඊයේ (31) දිනයේ උදෑසන ඇයගේ පුත්‍රයා නිවසින් බැහැරව ගොස් ඇති අතර සවස නැවතත් නිවසට පැමිණි මව පිළිබඳ සොයා බැලීමේ දී ඇයව කාමරයක් තුළ ගෙල සිරකර ඝාතනය කර තිබූ අයුරු දැක තිබේ.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇත.

ඝාතනය සම්බන්ධයෙන් තවමත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මුලතිව් හා වව්නියාවේ සිංහලයන් පදිංචිය වැළැක්වීමට උතුරු සභාවෙන් කාර්යසාධක බළකායක්

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

“05 වැනිදාට ඉර පායන්නේ අගමැතිට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින්” – විමල්ගෙන් සහතිකයක්

colombotoday

මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ – ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

ලාංකිකයන්ගෙන් 4න්1ක් අල්ලස් දීම අනුමත කරනවලු

colombotoday

මැයි 09 ගහපු අය ආරක්ෂා කරන්න ඕනි. – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday