Colombo Today Local News

මෙරට ගව ඝාතනය නතර කරයි. – සියලුම පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

ගව ඝාතනය නතර කිරීමට ක්‍රියා කරන ලෙස පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය, සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා පැවසුවේ රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණය අනුව ක්‍රියා කරන ලෙස පළාත් පාලන බලධාරින් දැනුවත් කළ බවය.

මේ සඳහා අවශ්‍ය පනත් 04ක් සංශෝධනය කිරීමට දැනට පියවර ගෙන ඇති අතර ඒවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ගව ඝාතනය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ගව ඝාතනය තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර ගත් තීරණය පිළිබඳව සියලුම පලාත් පාලන ආයතන දැනුවත් කර තිබුණ ද එම තීරණය ක්‍රියාත්මක නොවූ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

එබැවින් අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව කටයුතු කරන ලෙසත්, වෙනත් තීරණයක් ගැනීමෙන් වළකින ලෙසත් පළාත් පාලන ආයතනවලට, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය නැවත දැනුම් දීමක් කළ බව බොරලැස්ස මහතා පැවසුවේය.

Related posts

චම්පික රණවකට ඇප

colombotoday

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

Admin

“එකොළොස් වෙනිදා එජාප ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් පොහොට්ටුව එක්ක එකතුවෙනවා”

colombotoday

නඩු දින අධිකරණයේ පෙනී නොසිටි බදියුදීන්ට යළි නොතීසි

colombotoday

බලශක්ති ඇමතිත් බොරුවෙන් රටම අන්දලා? මිතුරා හෙළිකරයි

Admin

මම හිරේ ගියෙත් නෑ. චන්ද්‍රිකා වැව පිරිත් කලෙත් නෑ.. දොළුකන්දේ හාමුදුරුවෝ වසර ගණනාවකට පසු මහ කැලයක් මැදදී හමුවෙති

colombotoday