Covid 19

වව්නියාව මූලික රෝහලේ මතුවූ කොවිඩ් අවදානම

වව්නියාව මූලික රෝහලේ වෛද්‍යරවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට සිදුකළ PCR පරීක්ෂණවලදී එක් අයෙකු කොවිඩ් -19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. කාන්දීපන් මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩල සමාජිකයින් 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

ඉන් 11 දෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

Related posts

ඊයේත් කොරෝනා මරණ 8 ක්.. ආසාදිතයින් ගණන 63,000 ඉක්මවයි.

colombotoday

හමුදා ප්‍රධානියෙකුත් කොරෝනා බිළි ගනී

colombotoday

උතුරු කොරියාවේ ආසාදිතයින් 0 යි. | සිනෝවැක් කෝවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන තුනකුත් එපා කියයි.

colombotoday

නල දරු ක්‍රමයෙන් මවක් වෙන්න පෙරුම් පිරූ කාන්තාවක් කොරෝනා හේතුවෙන් දරුවා ද සමග අවසන් ගමන් යයි.

colombotoday

තවත් කොවිඩ් මරණ 72ක්

colombotoday

මහ බැංකු ආපනශාලා සේවකයෙකුට කොවිඩ්

colombotoday