Colombo Today Local News

CIDයේ නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25) දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබෙනවා.

ඒ අනුව මෙම නිවේදනය අද දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබි තිබූ අතර එම නිවේදනයේ සඳහන් නාම ලේඛනය පරිගණකගත කිරීමට පියවර ගෙන ඇතැයි කටුනායක ගුවන් තොටුපළ, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ සහකාර පාලක සුජීව රත්නායක මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය දරු පවුල ද සමඟින් ඊයේ (24) දින දහවල් 12.50 ට ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබේ .

Related posts

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයි

Admin

ඇල්ලේ ගුණවංශ හිමියන් ඝාතන තැතක් !!

colombotoday

රාජිතට කොරෝනා

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම තාවකාලිකව තහනම් කරයි… අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin