Colombo Today Local News

ලොක්ඩවුන් කරන්න සෞඛ්‍ය අංශ නිල වශයෙන් තවමත් නිර්දේශ කර නැහැ. – නිර්දේශ කරන්නේනම් ක්‍රියාවට නැංවීමට පැකිලෙන්නේ නෑ.

රට “ලොක්ඩවුන්”(වැසීම) කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිල වශයෙන් නිර්දේශකර නැතැයිද හෙතෙම සඳහන් කළේය.

රජය සියලු තීන්දු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය හැමවිටම බැඳී සිටින බවත් මහාචාර්යවරයා පැවසුවේය.

දේශපාලන පක්ෂවල බළල් අත් වී සිටින ඇතැම් පුද්ගලයන්ට අද වුවමනා වී ඇත්තේ ආණ්ඩුව කුමන හෝ අයුරකින් පෙරළීමට බව පැවසූ ජයසුමන මහතා ඒ පහත් උත්සාහය සඳහා කිසිවිටෙකත් ඉඩ නොතබන බවද සඳහන් කළේය.

රට වැසීමට සෞඛ්‍ය අංශවලින් නිර්දේශ නිල වශයෙන් ලැබෙන්නේ නම් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමට නොපැකිළෙන බවත් කවුරු කුමක් කීවත් රටේ එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවත්වන පුද්ගලයන් මේ මොහොතේදී අමතක කිරීමට රජයට නොහැකි බවත් චන්න ජයසුමන මහතා කීවේය.

රටේ පවතින තත්වය ගැන ජනාධිපතිවරයා ප්‍රධාන රජය නිරන්තරවම විශේෂ සැලකිල්ලකින් සිටින බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් වසංගත තත්වය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය

Related posts

“ජනාධිපතිවරනයක් සම්බන්දයෙන් කුමන කතාද ? හෙට අපි ප්‍රමාද වැඩිය.” – එක්සත් ජාතික නිදහස් පෙරමුණ

Admin

ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරිමේ කුමන්ත්‍රණයක් – එස්.බී. දිසානායක

colombotoday

පොකුණකට වැටී 03 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

colombotoday

විශ්‍රාම වැටුප් කපලා.. ආබාධිත රණවිරුවෝ මහපාරට.. කොටුවේ විරෝධතා

colombotoday

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය

Admin

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නවලෝක රෝහලට

colombotoday