Colombo Today Local News

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ රවී පමණද? රනිල්, මලික්, කබීර් ට චෝදනා නැද්ද ?

බැඳුම්කර වංචාව සිදුවන සමයේ මහ බැංකුව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සහ වාණිජ බැංකු කබීර් හෂීම් මහතා යටතේ පැවතුන ද මෙතෙක් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන නොමැති වීම පුදුම සහගතය.

එමෙන්ම මෙම වංචාව සඳහා මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයාගේ සබඳතාවයක් පිළිබඳව කරුණු අනාවරණය වුවද ඔහුට විරුද්ධව ද මෙතෙක් චෝදනා ගොනු කර නොමැත.

“ෆුට් නොට් කල්ලිය” ලෙස සුප්‍රසිද්ධ එවක ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මැදිහත් වීම ද අමතක වී හෝ අමතක කර දමා ඇත.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කලේ රනිල් වික්‍රමසිංහ එවක අග්‍රාමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීමට බව එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම පවසා ඇත.

එවැනි වාතාවරණයක් තුල බැඳුම්කර වංචාව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පිටින් පමණක් යවා වර්තමාන ආණ්ඩුවට අත පිහ ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව රටේ ජනතාවගේ මතය වී ඇත.

සැබෑ චුදිතයන් මගහැර, හුදෙක් ගැලරිය පිනවීම සඳහා රවී කරුණානායක පමණක් අල්ලා සිරගත කර නඩු ඇසීමෙන් පසු අධිකරණයෙන් ඔහු නිදහස් වුවහොත් මේ මහා වංචාවට හවුල් තෝරු, මෝරු ගැලවෙනු ඇත.

Related posts

සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපති හොරා කාපුව එළියට

Admin

එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ පුද්ගල මළ සිරුරක්

colombotoday

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

colombotoday

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

SAITM වෙඩි තැබීමේ නාටකයේ පාතාල මන්ත්‍රී මෛත්‍රී පිලෙන් මැතිවරණයට

colombotoday