Colombo Today Local News

වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති යකඩ නිධියක් බුත්තලින් සොයා ගැනේ

බුත්තල කුකුරම්පොල ප්‍රදේශයේ පිහිටා ඇති යකඩ නිධිය වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති අතර එහි යපස් ටොන් මිලියන 86කට වැඩි ප්‍රමාණයක් තැන්පත් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය මගින් කළ පර්යේෂණවලින් හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා ප්‍රකාශ කළේ රජයේ වැඩ සටහනකට අනුව පනිරෙන්ඩාව සහ කූකූරම්පොල පිහිටි මෙම යකඩ නිධිවල කැණීම් කටයුතු සිදු කරගෙන යන බවය.

මෙම නිධි වලින් ඉහළම ප්‍රයෝජන ලබාගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇත. අමාත්‍යාංශ දෙකම ඒකාබද්ධ වැඩසටහනක් මගින් මෙම නිධිවල ඇති ඛනිජ ද්‍රව්‍යවලින් ආදායම ඉහළ නැංවීමට කටයුතු කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව හෝ රටේ ආර්ථිකය ඉහළ නැංවීමට මෙමගින් බලාපොරොත්තු වෙන අතර භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය මේ සම්බන්ධයෙන් සැලැස්මක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.

Related posts

බාල වයස්කාර දැරියක් දූෂණය කර මරා දමා සැඟව සිටි සැකකරු අත්අඩංගුවට

colombotoday

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday

ජාතිවාදය එජාප මුල් පුටුවලම ළියලයි.. රජයේ කොන්ත්‍රාත් කබීර් හෂීම් හරහා මුස්ලිම් ජාතිකයන්ට පමණයි !

colombotoday

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කෙරේ

colombotoday

අරණායක කන්ද යලිත් නාය යයි – හමුදාව ආරක්ෂක ස්ථාන කරා කැදවේ

colombotoday

එක් අපේක්‍ෂකයකු තෝරා පත්කර ගන්න ජනතා මුදල් කෝටි 5 ක වියදමක්

colombotoday