Colombo Today Local News

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

bus1

දුම් පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට කෙරුනු අයවැය යෝජනාවට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් හෙට (23) සිට බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා.

මෙම වර්ජනයට එක් වන්නේ මාර්ග අංක 143 පෞද්ගලික බස් රථ සේවක සංගමය වන අතර කඩුවෙල – පිටකොටුව, හංවැල්ල – පිටකොටුව, ලබුගම – පිටකොටුව සහ අවිස්සාවේල්ල – පිටකොටුව යන මාර්ගවල මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇති.

ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවට අනුව පළාත් සභාවන්හි ආදායම් වැඩි කිරීම සඳහා මාර්ග නඩත්තු කිරීමේ වියදම සහ පාරිසරික වියදම සැලකිල්ලට ගනිමින් දුම් පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් පන්දහසකින් වැඩි කර තිබෙනවා. මෙහිදී මෝටර් රථයක් සඳහා ආදායම් බලපත්‍ර ගාස්තුවද සංශෝධනය කිරීමටයි යෝජනා කෙරුණේ.

(Neth Fm)

Related posts

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් කරයි

Admin

ඩී.අයි.ජි. නමින් පිලියන්දල ගණිකා මඩමක් දාලා

colombotoday

කොටි නායක එමිල් කාන්තන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අධිකරණය ඉවත්කර ගනී.

colombotoday

පාඨලී ජාතික සභාවට

colombotoday

දකුණු කොරියාවේදී දෙපිරිසක් ගුටි කෙලියක. එක් අයෙක් මරුට.

colombotoday

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. 2016 වසරේ විදේශ ආයෝජන 34% කින් පහළට

colombotoday