Colombo Today Local News

බැදුම්කර වාර්තාව ගැන නීතිපතිගේ තීරණය ජනපති ලේකම්ට දැනුම් දෙයි…

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් විමර්ශනවලට අගතියක් සිදු නොවන බව  නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී තිබේ.

ජනාධිපති කොමිසම් වාර්තාවේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන ලෙස පාර්ශව කිහිපයක්ම ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීම් කර තිබුණි.

අදාළ වාර්තා ප්‍රසිද්ධ කිරීමෙන් බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට බාධා එල්ලවිය හැකි බැවින් ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත කටයුතු කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ අනුව කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශනවලට අගතියක් සිදු නොවන බවට  නීතිපතිවරයා අද දිනයේ ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේය.

කෙසේවෙතත් කොමිසම් වාර්තාවේ සී 350 සිට සී 360 දක්වා ඇමුණුම් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය අගහරුවාදා දිනයේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබුණි.

Related posts

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday

ජාතික ඉන්ධන අවසර පත්‍ ප්‍රවේශම් කරගන්න – ඇමති කංචන කියයි

colombotoday

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday

ඇප අයඳුම්පත් සලකා බලන්න අලුත් ක්‍රමයක්

colombotoday

හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි

colombotoday

නව පාර්ලිමේන්තු සැසිය අද ආරම්භ වෙයි… ආචාර වෙඩිමුර, පෙළපාලි කිසිවක් නෑ !

colombotoday