බෝගම්බර බන්ධනාගාර ඉඩම අවුරුදු 50ක බදු පදනම මත බැහැර කිරීමට ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මෙම ඉඩම, මහනුවර මහ නගර සභා බලප්‍රදේශය සඳහා 2021-2030 කාලය සඳහා සකස් කර ඇති සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ.
ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණ මට්ටමින් හඳුනාගෙන ඇති බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය, සංස්කෘතික සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා විශාල හැකියාවක් සළසයි.
එමඟින්, නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුව මූල්‍ය, පාරිසරික, හා සාමාජීය වශයෙන් විභවතාවක් ඇති සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයෝජන යෝජනා කැඳවීමට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.