අර්ජුන ඇලෝසියස්ගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිටියේ නැතැයි කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය.
වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු අවස්ථාවේ දී මුදල් චෙක්පතක් ලැබුණු බවත් එය දුන් අය සහ මාරු කළ අය පිළිබඳව මතකයක් නැතැයි ද දයාසිරි මහතා කීය.
පාර්ලිමේන්තුවේ අද (25) පැවති විසර්ජන පනත යටතේ යෝජනා සම්බන්ධයෙන් වු විවාදයට එක්වෙමින් මෙසේ පැවසීය.