Colombo Today Local NewsTop Stories

යුධ හමුදා බුද්ධි අංශයේ “ඒ එච් 94 මේජර්” බිල්ලට ගන්න NGO මාධ්‍ය මෙහෙයුමක්

පළමු වර සහ දෙවැනි වර ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගැනීමට “ඒ එච් 94 මේජර්” යන ආරූඪ නාමයෙන් හැඳින්වූ හමුදා නිලධාරියා සම්බන්ධ බවට රහස් පොලීසිය සැකකරන බවත් එම නිලධාරියා කවුරුන්දැයි යුද්ධ හමුදා බුද්ධි අංශ තවමත් හෙළිනොකිරීම එම පරීක්ෂණවලට බාධාවක් වී ඇතැයි දැනගන්නට තිබෙන බව මව්බිමට එරෙහි NGO නඩයක් විසින් පවත්වාගෙන යන “අනිද්දා” නැමැති පුවත් පත වාර්තා කර තිබෙන බව Newstube වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

එක්නැළිගොඩ පැහැරගෙන යාමට අදාළ පරීක්ෂණ වලදී මෙම නාමය නිතර මුණගැසුණු බවත් එනිසා මේ පුද්ගලයා පිළිබඳව සොයා බැලීමේදී ගිරිතලේ යුද්ධ හමුදා බුද්ධි කඳවුරේ සේවය කළා යැයි කියන මේ නිලධාරියා අත්අඩංගුවට ගත යුතු බවට තීරණය වූ බවත් රහස් පොලිස් ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබෙන බව එම පුවත් පත වාර්තා කර සිටින අතර “ඒ එච් 94 මේජර්” නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ නිලධාරියා කවුරුන්දැයි හෙළිකරන්නට බැරි බව යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ කොඩිතුවක්කු ප්‍රකාශ කරන බවද දැනගන්නට ලැබෙන බව “අනිද්දා” පුවත් පත වාර්තා කර ඇති බවයි දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් එවැනි තත්වයක් පිළිබඳව රහස් පොලීසිය මේ වනතුරුත් අධිකරණයට කරුණු වාර්තා කර නොමැත. මෙම පුවත වාර්තා කරන කරුණු සත්‍යයක්නම්, අධිකරණයට කරුණු දැක්වීමට පෙර, රහස් පොලිසිය සිදු කරන පරීක්ෂණ පිළිබඳව “අනිද්දා”පුවත්පතට කරුණු ලබා දුන්නේ කවුරුන්ද යන ගැටලුව මෙහිදී මතුවේ. රහස් පොලිසියේ “රහස්‍ය” භාවය මෙතරම් පහලට වැටී ඇත්නම් රටේ ජාතික ආරක්ෂාව කෙතරම් භයානක තත්වයකට පත්ව ඇත්දැයි ආරක්ෂක අමාත්‍යංශය විමසා බැලිය යුතුව ඇත.

මේ අතර රහස් පොලිසියේ ජේෂ්ඨ පොලිස් පතිවරයෙක් මෙම NGO නඩය සමග සමීප ගනුදෙනු සිදුකරන බවත් රටේ ආරක්ෂක හමුදාවන්ට විරුද්ධව NGO නඩයේ මනදොල සපුරමින් ඔහු පරීක්ෂණ මෙහෙයවන බවටත් සිවිල් සංවිධාන කිහිපයක් පසුගිය කාලය පුරාම චෝදනා කර සිටියේය.

Related posts

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin

කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා..

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

colombotoday

නව කොරොනා වෛරසයෙන් මිදිමට අනුගමනය කල යුතු සෞඛ්‍ය පුරුදු

colombotoday

රජරටට දුන් නිවාස ආධාර හිටපු නිවාස ඇමති, හොර පාරකින් ණයට දීලා !

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය

colombotoday