extremism & terrorism activitiesWorld

මද්‍රසා පුස්තකාලයේ කාපට් මත මුත්‍රා කළ 8 හැවිරිදි හින්දු දරුවෙකු අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට. ප්‍රකෝපකාරින් කොවිලකටත් පහර දෙයි

අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ ළාබාලතම පුද්ගලයා බවට පත් වූ අට හැවිරිදි හින්දු පිරිමි ළමයෙක් නැගෙනහිර පාකිස්තානයේ ආරක්ෂක පොලිස් අත්අඩංගුවේ පසුවේ.

පසුගිය මාසයේදී ආගමික පොත් තබා තිබූ මද්‍රසා පුස්තකාලයේ කාපට් මත හිතාමතාම මුත්‍රා කළ බවට මෙම දරුවාට චෝදනා එල්ල වී තිබේ. පකිස්ථානයේ අපහාස කිරීමේ චෝදනා යටතේ මරණ දඬුවම ද ක්‍රියාත්මක කළ හැකිය.

ඔහුගේ පවුලේ උදවිය සැඟවී සිටින අතර පන්ජාබයේ රහිම් යාර් ඛාන් නම් කොන්සර්වේටිව් දිස්ත්‍රික්කයේ හින්දු ප්‍රජාවගෙන් බොහෝ දෙනෙක් සිය නිවෙස් අතහැර පලා ගොස් ඇත. මෙය සිදු වූයේ පසුගිය සතියේ පිරිමි ළමයා ඇප මත මුදා හැරීමෙන් පසු මුස්ලිම් ජනතාව හින්දු කෝවිලකට පහර දීමෙන් පසුව ය.

කෝවිල් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙළි නොකළ ස්ථානයක සිට කතා කරමින් පිරිමි ළමයාගේ පවුලේ සාමාජිකයෙකු උපුටා දක්වමින් ද ගාඩියන් පුවත්පත සඳහන් කර සිටින්නේ, “ඔහු (පිරිමි ළමයා) එවැනි අපහාස කිරීමේ ගැටළු ගැනවත් නොදන්නා අතර ඔහු මෙම කාරණාවලට සාවධ්‍ය ලෙස සම්බන්ධ කර තිබේ. ඔහුගේ අපරාධය කුමක්ද සහ ඔහු සතියක් සිරගත කළේ ඇයිද යන්නවත් ඔහුට තවමත් වැටහී නැත.”

“අපි අපේ වෙළඳසැල් අතහැර ඇති අතර, මුළු සමාජයම බියෙන් පසුවෙයි. අපට මෙම ප්‍රදේශයට ආපසු යාමට අවශ්‍ය නැත. වැරදිකරුවන්ට එරෙහිව හෝ මෙහි වෙසෙන සුළු ජාතීන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත හෝ අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් අපට නොපෙනේ. ”

දරුවෙකුට එල්ලවූ අපහාස කිරීමේ චෝදනාව පිළිබඳව නීති සම්පාදකයින් මුළුමනින්ම මවිතයට පත් කළේය.

නීති සම්පාදකයෙකු සහ පකිස්ථානු හින්දු කවුන්සිලයේ ප්‍රධානී රමේෂ් කුමාර්, ද ගාඩියන් පුවත්පතට පවසා ඇත්තේ, “අට හැවිරිදි බාලයාට එරෙහිව එල්ලකර ඇති අපහාස කිරීමේ චෝදනා සහ කෝවිලට එල්ල කල ප්‍රහාරය ඇත්තෙන්ම මා කම්පනයට පත් කළේය. හින්දු ප්‍රජාව ජීවත්වෙන නිවාස සියයකට වැඩි ගණනක් ප්‍රහාරයනට ඇති බිය නිසා හිස් කර ඇත.”

Related posts

රුසියාව ඉරානය සිරියාවේ වෙනුවෙන් එක් වෙති – යලිත් ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ – පුටින් අනතුරු අඟවයි

colombotoday

‘මාෂා අල්ලා‘ ට ධර්ම චක්‍රය ඇලජික්..!! රාජ්‍ය ලාංඡනය විකෘති කර හිනා මූණක් ඔබලා…

colombotoday

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

නත්තල් උත්සවයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. 7ක් මරුට.

colombotoday

කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව

colombotoday

ඊශ්‍රායල – හමාස් ගිනිසිළු මැද උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් මිලියනයක්

Admin