BusinessColombo Today Local News

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණ වැඩසටහන ඉකුත් වසරේ දී භාරව සිටි Allianz Insurance සමාගම සිසුන්ගේ ප්‍රතිලාභ වන්දි වශයෙන් රුපියල් කෝටි තිහක් ගෙවීමට ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය. වන්දි ගෙවා අදාළ ලේඛන අමාත්‍යාංශය විසින් ප්‍රතිපූරණය කරනු ලබන අතර ඒ සඳහා මෙතෙක් එම සමාගම කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නැතැයි මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම රක්ෂණ සමාගම වන්දි ගෙවීම පැහැර හැරීම පිළිබඳව අමාත්‍යාංශය රක්ෂණ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

රක්ෂණ වන්දි නොලැබුණු සිසුන් හා දෙමව්පියන් මේ පිළිබඳව දිනපතාම විමසීම් කරන බවත් මෙම වන්දි ලබා දෙන ලෙස එම ආයතනයට ද වරින් වර දැනුම් දී තිබෙන බවත් ඉහත කරුණු දැක්වූ නිලධාරීයා කීවේය.

Related posts

ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටු වූ බදුල්ල මහා නගර සභාව යළි සක්‍රිය කෙරේ

colombotoday

ජෝජ් සොරොස්, ජේම්ස් පැකර්ටත් නොදෙවෙනි සූදු අන්තුවෙක්.. පැටිකිරිය මෙන්න

colombotoday

දෙමාපිය අවධානෙන් ගිලිහුණු මස්කෙළියේ සිඟිත්තෙක් ගොම පිරවූ වළකට ඇද වැටී මිය යයි

colombotoday

නිවෙසක සඟවාගෙන තිබූ ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි

colombotoday

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday