Colombo Today Local News

ලාංකිකයින්ටත් සිංගප්පුරුව තහනම්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30)දින තහනම පනවා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට(02)දිනයේ සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.

මේ අතර බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කරනු ලබන බව සිංගප්පූරු කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related posts

ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

තෙරුවණට අපහාසකළ තව්හීද් ජමාත්ගෙන් ගම්මන්පිලටත් කුරාණයක් තෑගි

colombotoday

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin