World

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

සඳ ගමනට එක් වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 90 කි.

ඔහු නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් පළමු සඳ තරණය කිරීමේ ගමනට එක්විය.

1930 වසරේ ඉතාලියේදී උපත ලද මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද මිලිටරි ඇකඩමියට ඇතුළත්ව ඉන් අනතුරුව ගුවන් හමුදාව හා සම්බන්ධ විය.

1963 වසරේදී නාසා ආයතනය හා සම්බන්ධ වූ මයිකල් කොලින්ස් එහිදී අශ්‍යවකාශ මෙහෙයුම් කිහිපයකට සම්බන්ධ විය.

ඔහු දෙවරක් අභ්‍යවකාශයේ පියාසර කර ඇති අතර ඉන් පළමුවැන්න වන්නේ ජෙමිනි 10 යි.

ඔහුගේ දෙවැනි අභ්‍යවකාශ පියාසැරිය වන ඇපලෝ 11 යානයේ මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටි නිසා ඔහුට සඳ මත පා තැබීමට නොහැකි වූ බැවින් බොහෝ දෙනා ඔහුව හැඳින්වූයේ ‘අමතක වූ ගගනගාමියා’ ලෙසය.

Related posts

එට්නා ගිනිකන්ද පුපුරා යයි

colombotoday

නෝර්වේ දී දුනු ඊතළ යොදා ගනිමින් මාරක ප්‍රහාරයක්

colombotoday

ඉන්දීය නිදහස් දිනය සැමරේ

colombotoday

කොටියෙකුටත් කොරෝනා ආසාදනයවෙයි

colombotoday

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin

කොවිඩ් ප්‍රභේදවලට ග්‍රීක අකුරුවලින් අලුත් නම්

colombotoday