Colombo Today Local News

පිට පිට දින දෙකකදී කළුතර බන්ධනාගාර⁣යට ඉගිල ආ තහනම් පාර්සල්

ඊයේ (27) සහ අද (28)දිනයේ කළුතර බන්ධනාගාර⁣යේ B අංශයට පිටතින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සල දෙකක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

27 වනදා පස්වරු 2.30ට විසි කරන ලද පාර්සලයේ තිබී හෙරොයින් බවට සැක පැකට් 158 ක්,ගංජා 20g ,ජංගම දුරකතන 2 ක්,මත් කරල් 30ක් සොයා ගෙන ඇත.

28 වනදා උදෑසන B අංශයේ B 4 වාට්ටුවේ වහලය මතට පිටතින් විසි කරන ලද පාර්සලය තිබී ජංගම දුරකතන 6 ක්,දුම්කොළ 10 ක්,ජංගම දුරකතන චාජර් 2 ක් සොයා ගෙන තිබේ.

එලෙස සොයාගත් මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානයට භාර දීමට නියමිත ය.

Related posts

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා වන ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ඊබ්‍රහිම් හාජ්ජියාර් යලි රිමාන්ඩ්

colombotoday

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

colombotoday

කොස්ගොඩ සුජී යළි කරලියට

Admin

පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායාම කරන ලෙස දන්වයි

Admin

විදුලි ඒකකයක් රු. 17ක් වැඩි මිලකට අරන්

colombotoday