Colombo Today Local News

ජනපති සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී – චීන ආරක්ෂක ඇමති(PHOTOS)

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (28)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි ඔහු සඳහන් කර තිබේ.

චීන ආරක්ෂක ඇමති ශ්‍රී ලංකා ජනපති හමුවෙයි(PHOTOS)

Related posts

අදත් පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක්

colombotoday

මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

ගෘහස්ථ සංගීත සංදර්ශන ඇතුළු කිහිපයකට අද සිට අවසර

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

colombotoday

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබේ

colombotoday

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

colombotoday