Colombo Today Local News

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ OIC යළි සේවයේ පිහිටුවයි

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ලෙනාඩ් සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විනය පරීක්ෂණයකට යටත්ව හිටපු ස්ථානාධිපතිවරයාව යළි සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී පහරදීමක් සිදුව තිබුණි.

එම සිද්ධියට අදාළව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු වැඩ තහනමට ලක් කෙරුණු අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ද ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී අදාළ ස්ථානාධිපතිවරයා මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ නොමැති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහු යළි සේවයේ පිහිටුවන ලෙස අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකෙරෙන අතර මෙම ස්ථානාධිපතිවරයාට එරෙහිව ද විනය පරීක්ෂණයක් පැවැත්වේ.

Related posts

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday

මහ බැංකු අධිපතිවරුන්ට අසුභ ආරංචියක්

Admin

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

Admin

කුවේට්හීදි කතක් මිය යයි – ඇය හඳුනනවානම් ඉක්මණින් දැනුම් දෙන්න

Admin

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් නැවත දනුම් දෙනතුරු වසා දැමේ

colombotoday