Colombo Today Local News

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් අයිස්,ගංජා පාටියක් දීලා

තම පුතුගේ උපන්දිනයට මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යන්තර පාසලක ඉගැන්වීම් සිදුකරන ගුරුවරියක්ව පුතුන් දෙදෙනා ඇතුලු තරුණ තරුණියන් 15 දෙනෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 15gක් සහ ගංජා 2450mgක් සොයාගෙන ඇත.

තරුණ, තරුණියන් පිරිසක් එක්ව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් ගුරුවරියට වයස අවුරුදු 42 ක් වන අතර, ජාත්‍යන්තර පාසල්වල තරුණ තරුණියන් අවුරුදු 18 ත් 20 ත් යන වයස්වල පසුවන දෙහිවල සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Related posts

රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.. ඩලස් අලහප්පෙරුම කියයි

colombotoday

පණුවන් සහිත ටින් මාලු තවම වෙළදපොලේ බළධාරීන් නිහඩයි.

colombotoday

මැතිසබේ අදත් ගිණියම්… ගුටි කෙලියකට ඔන්න මෙන්න… සභාව කල් තබයි

colombotoday

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin

පාස්කු දා සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday