World

චීන තානාපති ඉල්ලක කර ගත් පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ක්වෙටා නගරයේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් 4 දෙනෙක් මියගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා තිබේ.

බීබීසී පුවත් සේවය පැවසුවේ එම ප්‍රහාරයේ ඉලක්කය පාකිස්තානයේ සිටින චීන තානාපතිවරයා වියහැකි බවය.

ඔහු මේ වනවිට පාකිස්තානයේ ගැටුම් බහුල බැලොකිස්තාන ප්‍රාන්තයේ අගනගරය වන ක්වෙටා හි සංචාරයක නිරතව සිටී.

නමුත් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු එම හෝටලයේ නොසිටි බව වාර්තා වේ.

විදෙස් ජාතිකයින් බහුලව ගැවසෙන සෙරීනා හෝටලයේ වාහන අංගනය ආශ්‍රිතව එම පිපිරීම සිදුකර තිබේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන තලිබාන් කණ්ඩායම වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ට්‍රම්ප්ගෙන් මුස්ලිම් රටවලට තවත් තහනමක්.. මැදපෙරදිග ගුවන් සමාගම් රැසක් අමාරුවේ

colombotoday

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙයි

Admin

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday

කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට අත්සන් තබයි…

colombotoday