Colombo Today Local News

විදුලි කණුවක් නිවසකට කඩා වැටී CEB සේවකයින් නිවැසියන්ගෙන් ගුටි කයි

විදුලි කණුවක් නිවසක් මතට කඩාවැටීම නිසාවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ සේවකයන් පිරිසකට බහිරවකන්ද ප්‍රදේශයේ පිරිසක් විසින් පහරදී තිබේ.

එම විදුලි කනුව වැටීමෙන් නිවසට දැඩි අලාභහානි සිදුව තිබෙන බව ද වාර්තා වී ඇත.

අදාළ පහරදීම සිදුව ඇත්තේ කඩා වැටුන විදුලි කනුව ඉවත්කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ නිලධාරින් සමග සේවකයින් පස් දෙනෙකු එම ස්ථානයට පැමිණ ඇති අවස්ථාවේදීය.

පහර කෑ නිලධාරීන් දෙදෙනෙකු සහ එක් සේවකයෙකු මහනුවර මහ රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වී ඇත.

පහරදුන් පිරිස පලාගොස් තිබෙන අතර සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙන බව මහනුවර කොට්ටඨාසය භාර ජෙ.පොලිස් අධිකාරිවරයා සඳහන් කර ඇත.

Related posts

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ලාල්කාන්ත මහනුවරින් තරග කිරීමට යයි

colombotoday

රැම්සා තෙත් බිමේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා විසිකරලා

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

සහන මිලට මත්පැන් වර්ගයක්

Admin

විදේශ සංචාරකයින් ප්‍රවාහන බස් වලට ඩීසල් ලංගම ඩිපෝවලින්

colombotoday