Colombo Today Local News

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේදී රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, මුලන්කාවිල්, සිප්පිආරු පාලම අසළදී සැක සහිත ට්‍රක් රථයක් පරීක්‍ෂා කර, උර 05ක අසුරා සූක්‍ෂම ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 89කට අධික බරකින් යුත් අදාල කේරළ ගංජා තොගය සිය භාරයට ගත් බවය.

එහිදී මෙම කේරළ ගංජා ජාවාරමට සම්බන්ධ ට්‍රක් රථයේ සිටි සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අවුරුදු 26ත් 44ත් අතර ව‍යසේ පසුවන අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව සහ නානට්ටාන් යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන්ය.

ඔවුන් කේරළ ගංජා ප්‍රවාහනය සඳහා යොදා ගත් ට්‍රක් රථය ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

Related posts

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

මහ රැ ගෙදරටම ඇවිදින් චම්පිකට මාංචු දැම්මේ ඇයි? රියැදුරා චූදිතයා කළ පොලිසිය ‘ආලවක’ වූ උපාසක දේශපාලනය..

colombotoday

පාසල් සිසුනගේ දිවා ආහාරයට අමතර රුපියල් බිලියන 4ක්

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

පොඩි ලැසී ඇප මත නිදහස්

Admin

ඉදිරියට තව බදු

Admin