Colombo Today Local News

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රා. සභා සභාපති අත්අඩංගුවට

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොදු දේපළ පනත යටතේ ඔහු අද (17)දින අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා ගබඩාකර තිබූ ජල මාපක 477ක් ඇතුළු තවත් උපකරණ තොගයක් පසුගිය මාර්තු 30 වනදා කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබුණි.

පසුව අදාළ ගබඩාවේ ලිපිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ජල මාපක 98ක් සමග සැකකාර ප්‍රාදේශිය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Related posts

එජාපය හෙළවෙයි… ප්‍රබලයන් හතරක් ශ්‍රීලනිපයට ?

colombotoday

රට කඩන්න කොටින්ට සහයවූ පාස්කරලිංගම් අගමැති උපදේශක.. රට බේරාගත් ගෝඨාභය යහපාලනයෙන් සිරගෙට !!

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

colombotoday

අගමැති කාර්යාලයේ දේපල සොරාගත් අයෙක් අල්ලයි

colombotoday

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

colombotoday

ඇමති සරත් වීරසේකර ලෝක පොලිස් සමුළුවට සහභාගී වෙයි

colombotoday