ලබන සැප්තැම්බර් 11 දා සිට ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් තීරණය කර ඇත.
ඇමෙරිකානු හමුදාව වසර 20 ක් තිස්සේ ඇෆ්ගනිස්තානයේ තාලිබාන් ත‍්‍රස්තයන් මර්දනය කිරීමට සහාය විය.
2001 වසරේදී ඇමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ 20 වැනි සමරුව සැප්තැම්බර් 11 දාට යෙදී තිබේ.
මේ අතර ඇෆ්ගන් රජය පැවසුවේ ඇමෙරිකානු හමුදා ඉවත් වීම එරට ආරක්ෂාවට තර්ජනයක් බවයි.