Colombo Today Local News

අධිවේගයේ මෝඩකම ප්‍රධර්ශනය කෙරූ හතර දෙනා සහ රියදුරු පොලීසියට කැඳවයි. | සියලු දෙනාටම නඩු

මෝටර් රථයේ ජනෙල් කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨාසයේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහ මහතා පවසයි.

මෙම සිද්ධියේදී අදාළ මෝටර් රථය පැදවූ රියැදුරුට මෙන්ම එහි අන්තරාකාරී ලෙස ගමන් ගත් සියලු දෙනාට ද නඩු පවරන බව හෙතෙම කීය .

මෙම මෝටර් රථයේ මුල් හිමිකරු මහනුවර පේරාදෙණිය පාරේ පදිංචිකරුවකු බවත් 2015 වසරේ ඔහු එම මෝටර් රථය මහනුවර අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර ඇති බවද හෙතෙම කීය.

රථයේ මුල් හිමිකරු පොලිසියට කැඳවා ඇති අතර ඒ සමග අදාළ මෝටර් රථයේ ගමන් ගත් පිරිස ද කැඳවාගෙන එන ලෙස ඔහුට දැනුම් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

Related posts

ජනවාරියේ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මයි

colombotoday

තවත් වසංගත දෙකක් පැතිරෙන ලකුණු?

Admin

රාජ්‍ය සේවකයින්ගෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

Admin

කොටියා කෑ ගොවියෙකු මරුට

colombotoday

කථානායක ඥාති සංග‍්‍රහයක: සහෝදරයන්ට සහ පුතනුවන්ට ලබා දී ඇති තනතුරු මෙන්න

colombotoday

නීතිවිරෝධී ලෙස බීඩි කොළ කිලෝ 500ක් ගෙන ආ 6ක් අත්අඩංගුවට

colombotoday