Colombo Today Local News

ගල්ඒදඬුගොඩ දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

හැඳුනුම්පත් නොමැතිව හොරණ ගල්ඒදඬුගොඩ දේවස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනකු හොරණ පොලිසිය මගින් ඊයේ (4)දින සැකපිට අත්අඩංගුවට තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් දෙදෙනා 31 හා 62 හැවිරිදි හැටන් හා මන්නාරම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

හොරණ ප්‍රදේශයේ බේකරියක රැකියාව කරන මොවුන් දෙදෙනාගේ හැඳුනුම්පත් එම බේකරියෙහි හිමිකරු විසින් රැගෙන තිබේ. එයට හේතුව මෙම පුද්ගලයන් වැටුප් රැගෙන යළි සේවයට නොපැමිණෙනු ඇතැයි හිමිකරු මෙලෙස හැඳුනුම්පත් තමා සන්තකයට ගත් බව පොලිසියට පවසා තිබේ.

කිතුනු භක්තියන් වන මෙම පුද්ගලයන් දෙදෙනා දේව මෙහෙයට පැමිණ ඇති අතර ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන්ට අනන්‍යතාව හෙළි කිරීමට අපොහොසත්වූ හෙයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

මන්නාරම් මිනී වළේ ඇමරිකානු කාබන් වාර්තාව වෙනුවට තමිල්නාඩුවේ වෛද්‍යවරයකු කොටි හිතවාදීන් ජිනීවා ගෙන යයි

colombotoday

ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

දේශපාලන පෙරළියක් අත ළග.. රාජපක්ෂවරයෙක් ළගදීම අගමැතිකමට !

colombotoday

පෙරේදා මහ රෑ ලංකාවට ආ ඇමරිකානු ගුවන් ඒකකය TNA සමග උතුරේ මෙහෙයුමක

colombotoday

බිත්තරයක් 1000ට යනවා

Admin

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday