Colombo Today Local News

එක්නැලිගොඩ ගැන අහන්න බුද්ධි අංශ නිලධාරිනියකුත් මුල්වරට CID කැඳවයි

armyhh

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශයේ තවත් නිලධාරීන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා ඇත.

ප්‍රකාශ ලබා දීම සඳහා ඔවුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යුද හමුදා මූලස්ථානයට දන්වා ඇති බව එහි උසස් නිලධාරියෙකු පැවසීය.

ප්‍රථම වතාවට යුද හමුදා බුද්ධි අංශ සෙබළියක් ද ඒ අතර වේ. ඇය සමග යුධ හමුදා බුද්ධි අංශයේම සේවය කරන ඇයගේ සැමියාද එලෙස කැඳවා ඇත.

එක්නැලිගොඩ පැහැරගෙන ගොස් රඳවාගෙන සිටියායෑයි කියන ගිරිතලේ සන්නද්ධ බුද්ධි බලකා (MIC) කඳවුරේ ඔවුන් දෙදෙනාම එකල රාජකාරි කර තිබේ.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පස් දෙනෙකු මේවනවිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටිති.

Related posts

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

colombotoday

අගමැති අස්වුණොත් – මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහය

colombotoday

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

colombotoday

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මඟ හැරි රාජ්‍ය නිලධාරින්ට වැඩ වරදි ලකුණු

Admin

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

colombotoday

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

colombotoday