ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ නීතිඥ සමන් වීරමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02)දින ඔහු අභාවප්‍රාප්ත වුණා.
දේහය මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත්කර ඇති අතර ඔහුගේ අවසන් කටයුතු හෙට (04)දින පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
ඒ මහතා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම,ආලෝකෝ උදපාදී,ආයු සහ කන්‍යාවී වැනි ප්රශස්ත නිර්මාණ ලාංකේය සිනමාවට එක් කර තිබේ.