Colombo Today Local News

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා පොලිසීය විසින් දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුමක දී 8,957 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් හඳුනාගෙන තිබේ.

ඒ, මාර්තු 31 සිට අප්‍රේල් 01 වනදා දක්වා කාලය තුළ සිදුකළ එම මෙහෙයුම්වලදීය.

අදාළ මෙහෙයම්වලින් යතුරුපැදි 295ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම යතුරුපැදි මාර්ගවල ධාවනයට නුසුදුසු තත්ත්වයේ විවිධ දෝෂ තිබූ ඒවා බවද ඔහු සඳහන් කළේය.

බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 264 දෙනෙකු ද එහිදී අත්අඩංගුවටගෙන තිබේ.

අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ 85 දෙනෙකු, අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ 80ක්, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1,298 දෙනෙකු සම්බන්ධයෙන් ද ක්‍රියාකර ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඊට අමතරව බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් 875ක්, මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2,002ක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4,105 දෙනෙකු සම්බන්ධව ද කටයුතු කරඇති බව ඔහු පවසයි.

යතුරුපැදිවල තිදෙනෙකු ගමන් කිරීමට අදාළව 248 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකකර තිබේ.

ඉකුත් 31 වනදා ආරම්භ කරන ලද මෙම මෙහෙයුම් අද (03) දිනය දක්වා ක්‍රියාත්මකවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ETCA මගින් ඉන්දියාව ලංකාව අල්ලන හැටි, ටිබෙටයට වූ දේ ඇසින් දුටු ඇමරිකාවේ නාහිමියෝ ලියති

colombotoday

අසාත්මිකතාවක් ඇති වූ පාසල් සිසුවිය ඇඳ වැටි මිය යයි

Admin

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

“රණවිරුවන් වෙනුවෙන් කතා කළ අපේ හාමුදුරුවෝ දිගින් දිගටම සිරගත කරමින් පළිගත්තා” – ප්‍රසන්න රණතුංග

colombotoday

බැසිල් රාජපක්ෂට මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය ?

colombotoday

රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට එවන්න. | වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වයි.

colombotoday