Colombo Today Local News

යකඩ කූරක් ඇණුනා කී විදුලිබල සේවකයා මියගියේ ආසාවට පොලිස් පිස්තෝලයක් අතගාන්න ගිහිං

අම්බලන්ගොඩ සීනිගොඩ පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් නඩත්තු ඒකකයේ සේවය කළ පුද්ගලයෙකුගේ මරණය සැකසහිත වීම නිසා පසුගියදා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

ඒ අනුව එම විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම විදුලි සේවකයාට පොලිස් නිලධාරියෙකුට අයත් ගිනි අවියකින් වෙඩි වැදී ඇති බවයි.

එහිදී විදුලි සේවකයා සහ ඔහු සමඟ සිටි තවත් සේවකයින් කිහිපදෙනෙකු මිතුරු පොලිස් නිලධාරියෙකුට අයත් නිවසකට පැමිණි අවස්ථාවේදී එහි තිබූ ගිනි අවියක් පරීක්ෂා කරමින් සිටියදී වෙඩි වැදීම සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා ඇතුළු 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි ප්‍රියදර්ශන් පුෂ්පකුමාර නැමති කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු විදුලි කම්බි ඇදීමේ කටයුතු සඳහා ඌරගස්මංහන්දිය, යටගල වල්ඉඟුරුකැටිය ප්‍රදේශයට ගොස් සිටිය දී සිදුවු තුවාලයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණා.

ඔහු රෝහල්ගත කරන විට සෙසු සේවකයින් රෝහලට පවසා ඇත්තේ යකඩ කූරක් ඇනීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ බඩ ප්‍රදේශය තුවාල වී ඇති බවයි.

වෛද්‍යවරු තුවාලකරු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති නමුත් පැය කිහිපයකට පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Related posts

විශේෂ ජනපති පරීක්ෂණ කොමිසමට විනිසුරු සෝභිත පත් කෙරේ

colombotoday

තිළිණි ප්‍රියමාලි කුලී නිවසේ ලයිට් බිලටත් පොලු තියලා

Admin

“බුදුන්ට පිදූ බිමේ බුදු පිළිමයක් හදන්න වැලි කැටයක් ගන්න අපට අවසර නැද්ද”

colombotoday

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday

“මොහොමඩ් අලි සබි‍්‍ර පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරනු.” අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබයි.

colombotoday