Colombo Today Local News

මෛත්‍රිපාල හැප්පුවාට ඉස්මයිල් පහර දීලා

ආන්දෝලනයට පත්ව තිබෙන පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියේ සුලමුල මේ වනවිට හෙළි වී තිබෙනවා.

අපරික්ෂාකාරීව රිය ධාවනය කල ලොරි රථ රියදුරු විසින් නුගේගොඩ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෛත්‍රිපාල මහතා හැප්පීම හේතුවෙන් කෝපයට පත් පොලිස් කොස්තාපල් ඉස්මයිල් රිෆයිර්දීන් විසින් මෙම පහරදීම සිදුකර ඇත.

පහරදීමේ චෝදනා මත ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා ලබන මස 5 වනදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

අපරික්ෂාකාරී රිය ධාවනයේ නියෙලුනු ලොරි රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇති අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු නිදහස් කර ඇත.

Related posts

පොලිසිය සමාව ඉල්ලයි…

colombotoday

අද දිවයින පුරා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

“ගොවි බිම් හෙක්ටයාර් ලක්ෂයක් වි වගාවෙන් ඉවත්කරනවා” – කෘෂිකර්ම ඇමති

colombotoday

උග්‍ර විෂ මත්ද්‍රව්‍ය සමග ඉන්දීය කත කටුනායකදී අත්අඩංගුවට

colombotoday

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin

“ජනතාව ඉල්ලන දේ දෙන්න මං ලෑස්තියි“.. අලුත් පක්ෂයක් හදන බව මිණිපුරයේදී මහින්ද සහතික වෙයි

colombotoday