Colombo Today Local News

ශ්‍රී ලාංකිකයන්ගේ භාවිතයට තවම අවසර නැති සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් හෙට දිවයිනට

චීන රජය සතු සීනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද COVID-19 සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් හෙට (31)දින උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙරටට ලැබීමට නියමිතව තිබේ.

මේ එන්නත් තොගය පසුගිය 28 වනදා සවස බීජිං කැපිටල් ගුවන්තොටුපළ වෙත ලබා දී තිබුණි.

ලංකාවට ගේන චීන එන්නත දෙන්නේ කාටද ?

මෙරට සිටින චීන ජාතිකයන්ට පළමුවෙන් මෙම එන්නත ලබා දෙන බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (30)දින සඳහන් කර සිටියේ.

මෙරට ජනතාව සඳහා එය හදිසි භාවිතයට අවසර ලබා ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

චීනයේ සිනොෆාර්ම් ලොව වටා බෙදන්න දේශපාලනයත් ඕනෑලු

සීනෝෆාම් එන්නත චීනයෙන් ඔබ්බට ගෙන ඒමට දේශපාලනය සහ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.

චීනයේ විශාලතම එන්නත් නිෂ්පාදකයෙකු වන සිනොෆාර්ම් වෙතින් ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවකගේ කොවිඩ් එන්නත් අවශ්‍යතාවය ඉටු කළ හැකි බව චීනයේ අදහස වෙයි.

එහි පළමු Covid-19 එන්නත පසුගිය වසරේ අගභාගයේදී චීන බලධාරීන් විසින් අනුමත කරනු ලැබීය.

Related posts

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

21 සම්මත වුනොත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් දොට්ට

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

නීතියට කොකා පෙන්නා රටින් පැන්න කන්ජිපානි මිනී මැරීම් යලි අරඹයි

colombotoday

පෝරේ නායක හිමියෝ අපවත් වෙති. – ආගමික වතාවත් දම්දිය අසපුවේදී

colombotoday

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday