Colombo Today Local Newsfeatured

වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ. | පිරිපහදු නොකර වෙළඳපලට නිකුත්කලාදැයි සැකයි.

පිළිකාකාරක අඩංගු පොල් තෙල් ආනයනය කල අලි බ්‍රදර්ස් සමාගම සතුව පොල් තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාවක් නොමැති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර සිටිනවා.

මේ අතර, තනි සමාගමක් මෙරටට ආනයනය කල විශාලතම පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොගය මෙම සමාගම විසින් ආනයනය කර ඇත.

ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කරන ලද Ali Brothers (pvt)Ltd. සමාගමට පොල් තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාවක් නොමැති බවත් තමන් සතුවපොල් තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාවක් ඇති බවට මේ වනවිට බොරු ප්‍රචාරයන් ගෙනයමින් තිබෙන බවත් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ජපානයෙන් හා වෙනත් රටවලින් වාහන මෙරටට ආනයනය කරන සමාගමක් වන මෙම සමාගම ඉතා මෑත කාලයකදී පොල් තෙල් ව්‍යාපාරයට පැමිණ තිබේ.

මෙම සමාගම විසින් ආනයනය කරන ලද පොල් තෙල් මෙරට වෙළඳපොල වෙත අලෙවි කර ඇද්ද? යන්න සොයා බැලීම සදහා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බවත් මෙම සමාගම්වලට ජාවාරම් කිරීම සදහා සහයෝගය දක්වන හා සිදුවීම සැඟවීම සදහා සහයෝගය දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට කීමට ඇත්තේ තමන්ගේ ඉන පටි හොදින් තද කරගන්නා ලෙස බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විතානගේ මහතා අවධාරණය කර සිටින්නේ.

1980 අංක 26 දරණ ආහාර පනතේ 8(1)ක. වගන්තිය අනුව ආහාර උපදේශන කමිටුව සදහා පාරිභෝගිකයින් නියෝජනය කිරීම සදහා දෙදෙනෙකු පත්කල යුතු වුවද ආහාර උපදේශන කමිටුවට මේවන තුරු පාරිභෝගික නියෝජනයක් ලබාදී නැත්තේ මෙවැනි ජාවාරම් සදහා සහයෝගය ලබාදීම සදහාද යන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් එම සංවිධානය ප්‍රශ්න කර සිටියි.

Related posts

“තැන් තැන්වල අවලාද එපා.. කෙලින් එන්න“ – මන්ත්‍රී ප්‍රසන්නට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

රාජ්‍ය සේවකයින්ට ගෞරවය රැකෙන ඇඳුමකින් සැරසී එන්න අවසර

colombotoday

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

Admin

ජවිපෙත් සමග එක්වී සම්මතකරගත් 20 සංශෝධනය රැකගන්න TNA උසාවි යයි

colombotoday

රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

colombotoday

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

colombotoday