Colombo Today Local News

මහ මඟදී රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පන්නිපිටිය ප්‍රදේශයේ දී මාර්ගයක පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ (29)දින සවස වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් අද දින ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ය.

පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කළේය.

අදාළ නිලධාරියා මහරගම පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

පහරකෑමට ලක්ව ඇති පුද්ගලයා ලොරි රථ රියදුරෙක් බවට අනාවරණය වී තිබේ.

අදාළ රියදුරු ඊයේ උදෑසන ලොරි රථයකින් පැමිණ ඇති අතර, එම අවස්ථාවේ දී නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මාර්ගයේ රාජකාරී සිදුකරමින් සිටි මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයේ ගැටී තුවාල ලබා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.

තුවාල ලැබු රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ලොරි රථ රියදුරු සිදුකළ වරද සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා එලෙස පහර දී ඇති බවත්, පොලිස් නිලධාරියෙකු ලෙස එවැනි පහරදීමක් සිදුකිරීම කිසිසේත් ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

දන්සැල් පරීක්ෂාවට සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් – ලියාපදිංචි වීම අනිවාර්යයි

Admin

බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම : මහා සංඝරත්නයෙන් ලිපියක්

colombotoday

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න : මැතිවරණ කොමිෂමෙන් දැනුම් දෙයි

colombotoday

අලුත්ම බෝම්බ 10ක් මුලතිව් පාලමක් යටින් හමුවෙයි…

colombotoday

කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

colombotoday