Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

විදෙස් රටවල සිට සරණාගතයින් ලෙසින් මෙරටට පැමිණි විදේශිකයන් 1250කට දේශපාලන රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇත.

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම විදේශිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබාදීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. ඔවුන්ට යුරෝපා රටවල සරණාගත භාවය ලැබෙනතුරු මෙරට තාවකාලිකව දේශපාලන රැකවරණ ලබාදී තිබේ.

පාකිස්තානය, බංග්ලාදේශය, ඉරාකය, මාලදිවයින ඇතුළු රටවල සිට ජීවිතාරක්ෂාව තකා මෙරටට පැමිණි අය හට මෙසේ තාවකාලිකව දේශපාලන රැකවරණ ලබාදී ඇත්තේ සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති නිසාය. පැමිණි පිරිසෙන් බහුතරය මුස්ලිම් ජාතිකයන්ය.

වෙනත් රටවල දේශපාලන රැකවරණ ලබන්නන්ට විවිධ සීමාවන්ට යටත්ව සිටීමට සිදුව ඇතත් මෙරටට පැමිණි පිරිස්වලට මීගමුව, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් සමග නිදහසේ ජීවත්වීමට වරප්‍රසාද ලබාදී ඇත.

මින් බහුතරය මෙරට රැකියා පවා කරන අතර ශ්‍රී ලාංකික කාන්තාවන් විවාහ කරගෙන ඇති බවද හෙළිවී තිබේ. තාවකාලික දේශපාලන රැකවරණ ලබන්නන්ගේ තොරතුරු ලබාදීමට එක්සත් ජාතීන්ගේ සරණගාතයන් පිළිබඳ කාර්යාලය මීට පෙර මැළිවුවද පාස්කු ප්‍රහාරයේ බලපෑමෙන් පසු මෙම පිරිස් ගැනද අධීක්ෂණය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

මාසිකව මෙම පිරිස් හඳුනාගෙන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින් පොලිස් මූලස්ථානයට වාර්තා ලබාදෙන ලෙස උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකාව මෙලෙස සරණාගතයන් භාරගන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවන බවට එක්සත් ජාතීන් චෝදනා කරන තත්ත්වයක් යටතේ වීම සුවිශේෂීය.

Related posts

යාපනේදී සම්ප්‍රධාය කඩකළා.. ගුටි දුන්නේ ඒ නිසයි – ඇමති ස්වාමිනාදන් කියයි

colombotoday

තෙල්දෙණිය ගැටුමට හේතුවූ ලොරි රියදුරු ඝාතනයේ සැකකාර මුස්ලිම් 4ට ඇප

colombotoday

2021 මෛත්‍රී නැවතත් ජනපති කරනවා.. මහින්දට, චන්ද්‍රිකාට ආය ජනපතිකම් බෑ

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත්‍ර කැඳවීම ඇරඹේ

colombotoday

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණය අධිකරණයෙන් තහනම් කරයි

colombotoday

‘ලිච්ඡවී ල අද හිටියනම් සියදිවි නසාගනී“… රනිල්ගේ ලිච්ඡවී පාලනයට මෛත්‍රීගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday